Business

දේශීය ආදායම් පනතේ සංශෝධනයක්

ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාව ශක්තිමත් කිරීම සහ බදු පද්ධතිය තවදුරටත් කාර්යක්ෂම කිරීම අරමුණු කර ගනිමින්, යෝජිත බදු ප්‍රතිසංස්කරණ ඇතුළත් කර 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට සංශෝධන හඳුන්වා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ සඳහා 2025 මැයි 19 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී මෙම යෝජනාව අනුමත කර ඇති අතර, ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සංශෝධිත පනත් කෙටුම්පත සකස් කර ඇති බව සඳහන් වේ. එම පනත් කෙටුම්පතට නීතිපතිගේ නිෂ්කාශනය ද ලැබී ඇත.

මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන්, මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවද අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button