අද විශේෂ

ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස්වේ

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති අරමුදලේ පාලක සභාව අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්විය.

මෙම පාලක සභාව සාමාජිකයන් 07 දෙනෙකුගෙන් සමන්විත වන අතර, ඒ සඳහා ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, කථානායකවරයා, විපක්ෂ නායකවරයා, ජනාධිපති ලේකම්වරයා සහ ජනාධිපතිවරයා විසින් පත් කරන සාමාජිකයන් දෙදෙනෙකු ඇතුළත් වේ.

දැනට පැවැත්වෙන මෙම සාකච්ඡාවට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය, කථානායක ජගත් වික්‍රමරත්න, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක යන මහත්වරු එක්ව සිටිති.

එමෙන්ම ජනාධිපති අරමුදලේ ලේකම් හා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මහාචාර්ය ජේ.ආර්.පී. ජයකොඩි, හිටපු විගණකාධිපති සරත් චන්ද්‍ර සිරි මායාදුන්නේ යන මහත්වරු සහ ජනාධිපති අරමුදලේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහුද මෙම රැස්වීමට සහභාගී වී සිටිති.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button