
ක්‍රීඩා
අයර්ලන්තයට ලංකා කණ්ඩායමෙන් ලකුණු 164 ඉලක්කයක්
ශ්‍රී ලංකා කන්ඩායම පන්දුවාර 20ක් තුල ලකුණු 163 විකට් 6ක් දැවි
කුසල් මෙන්ඩිස් 56 /43
කමිදු මෙන්ඩිස් 44/19
ඒ අනුව අයර්ලන්තයට ලකුණු 164ක ඉලක්කයක් හිමිවිය.
‘B’කාණ්ඩය යටතේ පැවැත්වෙන පළමු තරගය ලෙසින් මෙය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.
ශ්‍රී ලංකා ඉනිම වේගයෙන් ඔසවා තැබූ කමිඳු මෙන්ඩිස් පන්දු 19කින් ලකුණු 44ක් රැස්කිරීමට සමත් වූ අතර, එම ඉනිමට හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් ඇතුළත් විය.
ඔහු කුසල් මෙන්ඩිස් සමගින් 5වන කඩුල්ලට පන්දු 30කින් ලකුණු 67ක සබඳතාවක්ද ගොඩනැගූහ.
ඉනිමේ අවසානය දක්වා කඩුල්ලේ රැඳී සිටි කුසල් වටිනා ලකුණු 56ක් ශ්‍රී ලංකා ඉනිමට කළේය.



