
උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර මිල ගැන විශේෂ දැනුම්දීමක්
උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර මිල කුමක් වේද?
එළැඹෙන උත්සව සමයේදී කුකුළු මස් මිල විශාල වශයෙන් ඉහළ යාමේ අවදානමක් නොමැති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි. කෙසේ වෙතත්, බිත්තර මිල සම්බන්ධයෙන් ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වය පිළිබඳව නිශ්චිත අනාවැකියක් පළ කළ නොහැකි බවද එම සංගමය සඳහන් කරයි.
උත්සව සමයේ කුකුළු මස් හා බිත්තර මිල වෙනස් වීම ගැන සංගමයෙන් පැහැදිලි කිරීමක්
සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පෙන්වා දෙන්නේ මේ වන විට වෙළඳපොළ තුළ කුකුළු මස් අතිරික්තයක් පවතින බැවින් මිල ගණන් පහළ ගොස් ඇති බවයි. රටේ පවතින ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් නිෂ්පාදනයක් තිබෙන අතර, අවශ්‍ය ඕනෑම ප්‍රමාණයක් වෙළඳපොළට සැපයීමේ හැකියාවද පවතින බව ඔහු පැවසීය.
දෙසැම්බර් මාසයේ උත්සව සමයත් සමඟ කුකුළු මස් සඳහා ඉල්ලුම ඉහළ යා හැකි වුවද, ඒ සඳහා අවශ්‍ය ශීත කළ කුකුළු මස් තොග ප්‍රමාණවත් ලෙස පවතින බැවින් මිලෙහි විශාල වැඩිවීමක් අපේක්ෂා නොකරන බවද සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මේ අතර, වෙළඳපොළේ බිත්තර මිල ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන හේතුවක් ලෙස ඉල්ලුම ඉහළ යාමත් සමඟ නිෂ්පාදනය අඩුවීමත් ඔහු පෙන්වා දෙයි.
සත්ත්ව ආහාර නිෂ්පාදනයට යොදාගන්නා බඩඉරිඟු හිඟවීම නිසා ඒ වෙනුවට සහල් භාවිත කිරීමට සිදුවීම බිත්තර නිෂ්පාදනය අඩුවීමට බලපා ඇති බව සඳහන් වේ. මීට අමතරව කුකුළු ගොවිපළ ආශ්‍රිතව වෛරස් රෝග කිහිපයක් පැතිරීමද නිෂ්පාදනය පහත වැටීමට හේතුවී තිබේ.
එමෙන්ම නොවැම්බර් මාසයේ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන්ද බිත්තර නිෂ්පාදනයට බලපෑම් එල්ල වී ඇති බව සභාපතිවරයා සඳහන් කළේය.
දැනට වෙළඳපොළේ බිත්තරයක් රුපියල් 39ත් 40ත් අතර මිලකට අලෙවි වන බවද ඔහු පැවසීය. ඉදිරියේදී බිත්තර මිල තීරණය වන්නේ වෙළඳපොළේ ඉල්ලුම සහ සැපයුම අනුව බවත්, කෙටි කාලයක් තුළ නිෂ්පාදනය සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවීම අපහසු බවත් ඔහු අවධාරණය කළේය.
සත්ත්ව ආහාර සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය අඛණ්ඩව සැපයීමට රජය මැදිහත් විය යුතු බවටද සංගමය ඉල්ලීමක් කර තිබේ. මේ සම්බන්ධයෙන් වෙළඳ අමාත්‍යවරයා සමඟ සාකච්ඡා කර විසඳුමක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බවද සභාපතිවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා මෙලෙස පැවසීය.
” උත්සව සමයේ මම හිතන්නේ කුකුල් මස් මිල විශාල වශයෙන් වැඩිවීමක් වෙන්නේ නෑ. රටේ ඉල්ලුමට අවශ්‍ය ප්‍රමාණය කුකුල් මස් තියෙනවා. නමුත් දෙසැම්බර් මාසයේ වැඩි ඉල්ලුමක් එනවා. මම හිතන්නේ ඒ වෙනකොටත් අපේ ශීත කළ කුකුල් මස් තියෙනවා. ඒ නිසා මිල විශාල වශයෙන් වැඩිවීමක් වෙන්නේ නෑ…
බිත්තරවල විශාල ඉල්ලුමක් ආවා. බිත්තර නිෂ්පාදනය අඩාල වුණා. මොකද බඩ ඉරිඟු හිඟවීම නිසා ඒ වෙනුවට හාල් දැම්මේ. හාල් දැම්මම පොඩ්ඩක් නිෂ්පාදනය අඩු වෙලා තියෙනවා. ඒ වගේම තමයි වෛරස් රෝග වගයක් හැදිලා තියෙනවා. ඒකෙනුත් නිෂ්පාදනය අඩු වුණා. සාමාන්‍යයෙන් නොවැම්බර් මාසේ අව්ව නැති කාලයක්, වැහි කාලයක් නිසා එතනත් බිත්තර අඩු වුණා.
දැනටත් රුපියල් තිස් නවය, හතළිහට දෙනවා බිත්තරයක්. වෙළඳපොලේ ඉල්ලුම අනුව තමයි මිල තීරණය වෙන්නේ. කොහොමත් ඉදිරියේදී නිෂ්පාදනය වැඩි කරගන්න බෑ. මොකද සාමාන්‍යයෙන් බිත්තර නිෂ්පාදනය වැඩි කරන්න ටිකක් අමාරුයි. ඉතින් අපි ඉල්ලුවා රජයට මින් ඉදිරියටත් සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය හිඟයකින් තොරව ලබා දෙන්න කියන එක. ඉතින් වෙළඳ ඇමතිතුමා සාකච්ඡා කරලා විසඳුමක් දේවි. බිත්තර කර්මාන්තය ගැන නම් අපිට තාමත් හරියට කියන්න බෑ, මොකද ඉල්ලුම හා සැපයුම තමයි මිල තීරණය වෙන්නේ…”



