
PIN සහ TIN ලබාගැනීමට දේශීය ආදායම් කාර්යාල සති අන්තයේත් විවෘතයි
PIN සහ TIN ලබාගැනීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලුම ප්‍රාදේශීය කාර්යාල මෙම සති අන්තයේදීත් විවෘතව තැබීමට තීරණය කර තිබේ.
PIN සහ TIN ලබාගැනීමට නොවැම්බර් 28 සහ 29 දෙදින දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලුම ප්‍රාදේශීය කාර්යාල විවෘතව තැබේ.
ඒ අනුව, ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය PIN සහ TIN අංක ලබාගැනීමට හෙට (28) සහ අනිද්දා (29) යන දෙදින තුළ ජනතාවට එම කාර්යාල වෙත පැමිණීමේ අවස්ථාව හිමිවේ.
2025/2026 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා නොවැම්බර් 30 වැනිදාට පෙර ඉදිරිපත් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මීට පෙර දැනුම් දී තිබුණි.
නියමිත කාලසීමාව තුළ බදු වාර්තා ඉදිරිපත් කිරීමෙන් අවසන් මොහොතේ ඇතිවිය හැකි අපහසුතා මඟහරවා ගත හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
එම බදු වාර්තා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ඉදිරිපත් කිරීමේ පහසුකමද මේ වනවිට සලසා තිබේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු හෝ පැහැදිලි කිරීම් අවශ්‍ය පුද්ගලයන්ට 1944 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ විමසීමට හැකියාව පවතී.
එසේම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.ird.gov.lk වෙත පිවිසීමෙන්ද අදාළ තොරතුරු ලබාගත හැකිය.



