උණුසුම් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් දිනයක්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති අභියාචනා පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන මාර්තු 05 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම පිළිබඳ කරුණු තහවුරු කිරීම මාර්තු 05

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතා පෙත්සමක් ගොනු කර තිබුණි.

එම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය ලබාදුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපතිවරයා විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අදාළ නඩුකරය අද (25) මහින්ද සමයවර්ධන මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීම සඳහා ලබන මාර්තු 05 වැනිදා යළි කැඳවීමට විනිසුරු මඩුල්ල නියම කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button