
වැසි තත්ත්වය අද (24) දින : ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
වැසි තත්ත්වය අද (24) දින පිළිබඳව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
වැසි තත්ත්වය අද (24) දින: පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි සහ මීදුම් තත්ත්වයක්
ඒ අනුව උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල මෙන්ම පොළොන්නරුව දිස්ත්‍රික්කයේද විටින් විට වැසි ඇතිවිය හැකිය.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බවද නිවේදනයේ දැක්වේ.
මේ අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල මෙන්ම ගාල්ල, මාතර සහ බදුල්ල දිස්ත්‍රික්කවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවන අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.



