
බලශක්ති ක්ෂේත්රයේ තරගකාරීත්වයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව අවස්ථා
බලශක්ති ක්ෂේත්රයේ තරගකාරීත්වය ඉහළ නැංවීම හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට නව ව්‍යාපාරික අවස්ථා උදාකර දීමට අවධානය යොමුව තිබේ.
බලශක්ති ක්ෂේත්රයේ තරගකාරීත්වය ශක්තිමත් කර සාධාරණ වෙළෙඳපොළක් ඇති කිරීමට පියවර
මෙරට බලශක්ති ක්ෂේත්රයේ වෙළෙඳපොළ තරගකාරීත්වය ශක්තිමත් කිරීම සහ පාරිභෝගික සුබසාධනය තහවුරු කිරීම අරමුණු කරගනිමින්, තරගකාරීත්ව ප්‍රතිපත්තිය සහ නීතිය පිළිබඳ ඉහළ පෙළේ සම්මන්ත්‍රණයක් කොළඹදී පවත්වා ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රධානත්වයෙන් සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ (JICA) සහයෝගයෙන් සංවිධානය කළ මෙම සම්මන්ත්‍රණය ඊයේ (13) පැවැත්විණි.
ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියකට ලක්වෙමින් පවතින බලශක්ති සහ විදුලිබල ක්ෂේත්රය තුළ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සාධාරණ තරගකාරී පරිසරයක් ඇති කිරීම මෙන්ම නව වෙළෙඳපොළ අවස්ථා විවෘත කිරීමද මෙහි ප්‍රධාන අරමුණක් වී තිබේ.
ලංකා විදුලිබල මණ්ඩලය (CEB) ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු බලශක්ති ක්ෂේත්රයේ ඇතිවී තිබෙන නව පසුබිම හමුවේ මෙවැනි සාකච්ඡාවක් පැවැත්වීම විශේෂ වැදගත්කමක් දරන බවද පෙන්වා දෙයි.
විනිවිදභාවයෙන් සහ සාධාරණත්වයෙන් යුත් තරගකාරී වෙළෙඳපොළ පරිසරයක් ගොඩනැගීම තුළින් බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කිරීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වී ඇත.
එමෙන්ම පාරිභෝගිකයින්ට දැරීමට සිදුවන විදුලි හා බලශක්ති පිරිවැය අවම කිරීම සහ මෙම ක්ෂේත්රය තුළ පෞද්ගලික අංශයේ දායකත්වය තවදුරටත් පුළුල් කිරීමේ වැදගත්කම පිළිබඳවද සාකච්ඡා කර තිබේ.
මේ සඳහා ප්‍රධාන ප්‍රතිපත්ති සම්පාදකයින්, නියාමන ආයතනවල නියෝජිතයින් සහ ජාත්‍යන්තර විශේෂඥයින් එක්ව සිටි අතර, බලශක්ති ක්ෂේත්රයේ තරගකාරීත්ව ප්‍රතිපත්ති සහ නීතිමය රාමුව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් පුළුල් අදහස් හුවමාරුවක්ද සිදුකර ඇත.



