ව්‍යාපාරික

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 7%කට වැඩි ප්‍රමාණයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල 7%කට වැඩි ප්‍රමාණයකින් පහත වැටී තිබේ. මැදපෙරදිග පවතින යුද ගැටුම් අවසන් කිරීම සම්බන්ධයෙන් බලාපොරොත්තු ඉහළ යාම මෙම මිල පහත වැටීමට ප්‍රධාන හේතුව වී ඇත.

 

ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 7.63%කින් පහත වැටී ඇති අතර, එහි නව මිල ඇමෙරිකානු ඩොලර් 104.77ක් ලෙස සටහන් වී තිබේ.

 

ඇමෙරිකාව සහ ඉරානය අතර නැවතත් රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ වීමේ හැකියාව මතුවීමත් සමඟ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මෙම තත්ත්වය නිර්මාණය වී ඇත.

 

ඇමෙරිකාව සමඟ මේ වන විට සාකච්ඡා පැවැත්වෙමින් පවතින බව ඉරානය ද ප්‍රකාශ කර තිබේ. එමෙන්ම, දැඩි කොන්දේසි යටතේ හෝමුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට ද ඉරානය යෝජනා කර ඇති බව වාර්තා වේ.

 

මේ අතර, ඇමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් විසින් ඉරාන ජාතික ආරක්ෂක ප්‍රධානී මොහ්සෙන් රෙසායි වෙත නව සාකච්ඡා පැවැත්වීමේ හැකියාව සම්බන්ධයෙන් ලිපියක් යොමු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

 

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය විසින් මාස කිහිපයකට පසු ඉරානය සම්බන්ධයෙන් ගනු ලැබූ ඉහළම මට්ටමේ රාජ්‍යතාන්ත්‍රික පියවරක් ලෙස මෙම ලිපිය යොමු කිරීම සැලකේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button