
අද දිනත් පළාත් කිහිපයකට තද වැසි – මි.මී. 50 ඉක්මවූ වර්ෂාපතනයක්
අද දිනත් පළාත් කිහිපයකට තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
අද දිනත් පළාත් කිහිපයකට තද වැසි – කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල මෙන්ම කුරුණෑගල සහ මුලතිව් දිස්ත්‍රික්කවල ද අද (02) පස්වරු 1.00න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.
මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ලැබීමේ හැකියාවක් ද පවතින බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙයි.
කෙසේ වෙතත් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
මේ අතර සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත කාලගුණ තත්ත්වයක් ඇතිවිය හැකි බව ද දැනුම් දී තිබේ.



