
අද විශේෂ
ඉන්දියානු අයවැයෙන් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 4ක මූල්‍ය සහාය
ශ්‍රී ලංකාව සඳහා ඉන්දියා රජය විසින් ඉන්දියානු රුපියල් බිලියන 04ක මූල්‍ය ආධාරයක් වෙන් කර ඇති බව වාර්තා වේ.
මෙම මුදල 2026/27 මූල්‍ය වර්ෂයට අදාළ ඉන්දියානු අයවැය යෝජනා තුළ ඇතුළත් කර ඇති බවට තොරතුරු සඳහන් කරයි.
අදාළ මූල්‍ය වර්ෂය සඳහා වන ඉන්දියානු අයවැය අද (01) දිනයේදී මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.



