කාලගුණය

ඔර්නබ් සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වෙයි – ශ්‍රී ලංකාවට බලපෑම අඩුවෙයි

ඔර්නබ් සුළි කුණාටුවේ බලපෑම ශ්‍රී ලංකාවට ක්‍රමයෙන් අඩුවෙමින් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. බටහිර-මධ්‍යම බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති මෙම ඉතා ප්‍රබල සුළි කුණාටුව මේ වන විට ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ් වෙරළ තීරය ඔස්සේ ගොඩබිමට ඇතුළු වෙමින් පවතී.

ඔර්නබ් සුළි කුණාටුව ඉන්දියාවට ඇතුළු වෙද්දී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං

මෙම කාලගුණ පද්ධතියේ බලපෑම අඩුවෙමින් පැවතියද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ අනාවැකියේ සඳහන් වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට ද වරින් වර වැසි ඇතිවිය හැකිය.

එමෙන්ම ඌව පළාතේත් මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලටත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලටත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමා යා හැකි බව දැනුම් දී තිබේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button