අද විශේෂ

නවම් පොහොය දිනය අදයි

 

අද දිනට යෙදී තිබෙන  නවම් පුර පසළොස්වක පොහොය දිනය,

 

බුදුන් වහන්සේගේ දෑගසව්වන් වූ සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලා සම්බුද්ධ ශාසනයෙහි එම තනතුරු ලැබුවේ නවම් පුන් පොහෝදාකයි,

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා ඇත්තේද අද වැනි පොහොය දිනක  බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.

 

බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර විශාලා නුවර චාපාල චේතිය අසලදී අයු සංස්කාරය අත්හැරීම සිදුකර ඇත්තේද අද වැනි නවම් පොහෝ දිනක බවද බෞද්ධ ඉතිහාසයේ සඳහන් වේ.

 

එමෙන්ම ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම ද සිදුව ඇත්තේ අද වැනි නවම් පොහොය දිනකය.

 

නවම් පොහොය නිමිත්තෙන් දිවයින පුරා වෙහෙර විහාරවල ආගමික වැඩසටහන් රැසක් අද දිනයේදී සංවිධානය කර තිබේ.

 

මෙවන් උතුම් වැදගත් ආගමික සංසිද්ධීන් සනිටුහන් වන මේ බැතිබර පෝදා …තෙල් මල් සඳුන් පෙරටු කොට ඒ උතුම් මුනිඳු පුදමු…

තෙරුවනේ අනන්ත ගුණ බලෙන් ඔබට සෙත් වේවා!!!

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button