
අඩු පීඩන කලාපයෙන් පළාත් කිහිපයකට මි.මී. 100ට වැඩි වැසි
අඩු පීඩන කලාපය දක්වා වර්ධනය වී ඇති ශ්‍රී ලංකාව ආසන්නයේ පැවති පහළ වායුගෝලීය කැළඹිලි තත්ත්වය හේතුවෙන් අද (22) දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
මෙම කාලගුණ පද්ධතියේ බලපෑමෙන් දිවයින අවට ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවලද වැසි වැඩි විය හැකි බැවින්, ඉදිරියේදී නිකුත් කෙරෙන කාලගුණ අනාවැකි සහ නිවේදන පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ධීවර හා නාවික ප්‍රජාව ඇතුළු මහජනතාවට දැනුම් දී තිබේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයේද විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය. එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.
දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතී.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවන අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා සිටියි.



