කාලගුණය

ප්‍රදේශ රැසකට නායයෑම් අනතුරු ඇඟවීම්

පවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ප්‍රදේශ සඳහා නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කළ මෙම නායයෑම් අනතුරු ඇඟවීම් අද (20) පස්වරු 4.00 සිට හෙට (21) පස්වරු 4.00 දක්වා පැය 24ක කාලයක් සඳහා බලපැවැත්වේ.

### මට්ටම 2 අනතුරු ඇඟවීම්

අවදානම් මට්ටම 2 යටතේ ඇම්බර් වර්ණයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශවල ජනතාවට දැඩි අවධානයෙන් පසුවන ලෙස දැනුම් දී ඇත.

ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, අරණායක, යටියන්තොට සහ බුලත්කොහුපිටිය යන ප්‍රදේශවලටත්, රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට, ඇලපත සහ රත්නපුර යන ප්‍රදේශවලටත් මෙම අනතුරු ඇඟවීම අදාළ වේ.

මට්ටම 1 අනතුරු ඇඟවීම්

විමසිලිමත් වීමේ මට්ටම 1 යටතේ පහත ප්‍රදේශ සඳහා කහ වර්ණයෙන් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

* බදුල්ල දිස්ත්‍රික්කය: හපුතලේ, හල්දුමුල්ල සහ පස්සර.

* කෑගල්ල දිස්ත්‍රික්කය: වරකාපොළ, රඹුක්කන, රුවන්වැල්ල, දෙහිඕවිට සහ කෑගල්ල.

* මාතලේ දිස්ත්‍රික්කය: රත්තොට, මාතලේ, අඹන්ගඟ කෝරළය සහ උකුවෙල.

* නුවරඑළිය දිස්ත්‍රික්කය: අඹගමුව, හඟුරන්කෙත, වලපනේ, නිල්දණ්ඩහින්න සහ මතුරට.

* රත්නපුර දිස්ත්‍රික්කය: කොළොන්න, ඉඹුල්පේ, නිවිතිගල, වැලිගෙපොළ, බලංගොඩ, කළවාන, ඇහැළියගොඩ සහ අයගම.

අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන ප්‍රදේශවල ජනතාව නායයෑම්, පස් කඩා වැටීම් සහ ගල් පෙරළීම් වැනි අවදානම් තත්ත්වයන් පිළිබඳව අවධානයෙන් සිටිය යුතුය. අවදානමක් පවතින්නේ නම් ආරක්ෂිත ස්ථාන වෙත යොමුවන ලෙස ද ආරක්ෂක අංශ සහ ආපදා කළමනාකරණ අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button