
කාලගුණය
අද පළාත් රැසකට මි.මී. 75 ඉක්මවූ වැසි
2026 ඔක්තෝබර් 09 දිනට අදාළ කාලගුණ අනාවැකිය අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලටත් අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මි.මී 75 ඉක්මවූ වැසි ඇති වීමේ හැකියාව පවතී.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එමෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ අනාවැකියේ සඳහන් වේ.
මෙම කාලගුණ අනාවැකිය 2026 ඔක්තෝබර් 09 දින පෙරවරු 5.30ට නිකුත් කර තිබේ.



