
ස්වභාවධර්මයේ අනට අවනත මීමැස්සා සහ අකීකරු මිනිසා
සොබාදහමේ අපූරු ඉංජිනේරුවා වන මීමැස්සා දෙස මොහොතක් බලන්න.
කිසිදු පාසලකට හෝ විශ්ව විද්‍යාලයකට නොගිය ද, ඌ හදන්නේ ගණිතමය වශයෙන් පරිපූර්ණ ෂඩ්අස්රාකාර මීවදයක්!
ඔබ දන්නවාද? ඩයිනෝසරයන් ලොව රජ කළ යුගයේ, එනම් මීට වසර මිලියන 130කට පමණ පෙර සිටම, මීමැස්සා මෙම මීවදය කිසිදු වෙනසකින් තොරව, එකම දිගට, පළලට සහ නිරවද්‍යතාවයකින් යුතුව හදා ඇත.
මීමැස්සාගේ මේ නොවෙනස්වන පැවැත්ම, එය ස්වභාවධර්මයේ “අනට” පූර්ණ ලෙස අවනත වන ජීවියෙක් බවට සාක්ෂි දරයි.
ඌට තම නිර්මාණ සැලසුම හෝ ජීවන රටාව වෙනස් කිරීමට නිදහසක් නැත. ඒ සියල්ල ජානවලින් ලියැවුණු “නියෝගයකි.”
ප්‍රකට චින්තක කාල් මාක්ස් “Karl Marx” මේ පිළිබඳව අපූරු අදහසක් ඉදිරිපත් කළේය:
“හොඳම මීමැස්සාට වඩා දුර්වලම ගෘහ නිර්මාණ ශිල්පියා වෙනස් වන්නේ, මිනිසා යම් දෙයක් සෑදීමට පෙර එය තම මනසින් මවා ගන්නා බැවිනි.”
මෙහිදී මිනිසා සහ මීමැස්සා අතර ඇති ප්‍රධාන වෙනස්කම්:
සහජ වැඩසටහන vs නිදහස් චින්තනය:
මීමැස්සා ක්‍රියා කරන්නේ “Hardwired” වූ සහජ ඉවකිනි. ඌ කවදාවත් තමන්ගෙන්ම අසන්නේ නැත “මම ඇයි මේ මීවදය හදන්නේ?” කියා. නමුත් මිනිසා, වසර මිලියන 4.2කට පෙර සිට පරිණාමය වී, වසර 300,000කට පමණ පෙර “Homo sapiens” ලෙස ලොවට ආවේ, ඕනෑම දෙයක් ගැන සිතා, ප්‍රශ්න කර, අලුත් දේවල් නිර්මාණය කළ හැකි මොළයක් සමඟිනි.
ස්ථාවරත්වය / වෙනස්වීම,
මී මැස්සා වසර මිලියන ගණනක් තිස්සේ තම මීවදයේ හැඩය හෝ ප්‍රමාණය වෙනස් නොකරන්නේ එය දැනටමත් පරිපූර්ණ බැවිනි. එය ස්වභාවධර්මයේ “අණ” අකුරටම පිළිගනී. එහෙත් මිනිසා, ගුහා යුගයේ සිට අද අහස සිඹින මන්දිර දක්වා, තම වාසස්ථාන පමණක් නොව, ජීවන රටාව ද නිරන්තරයෙන් වෙනස් කර ඇත. අපි ස්වභාවධර්මයේ සීමාවන් – පියාසර කිරීමට නොහැකිවීම, ජලය යට සිටීමට නොහැකිවීම – තාක්ෂණයෙන් ජය ගත්තෙමු.
කීකරුකම vs අකීකරුකම:
මීමැස්සාට “අද මම වැඩට යන්නේ නැහැ, මම නිදහසේ ඉන්නවා” යැයි තීරණය කළ නොහැක. ඌ ස්වභාවධර්මයේ නියෝගයට පූර්ණ ලෙස අවනත වන අතර, පැවැත්ම සඳහා පමණක් ක්‍රියා කරයි. නමුත් මිනිසාට ස්වභාවධර්මයේ අණට එරෙහිව යාමට නිදහස ඇත; උපවාස කිරීමට, තනිකඩව සිටීමට හෝ තමන්ගේ සීමාවන් ඉක්මවා යාමට. මෙම “අකීකරුකම” අපට මහා දියුණුවක් ලබා දුන්නත්, එය ස්වභාවධර්මය සමඟ අපේ සමතුලිතතාවය බිඳ දමා ඇති බව අද දේශගුණික විපර්යාස හරහා පැහැදිලියි.
ස්වභාවධර්මයේ අනට අවනත වී නොවෙනස්ව සිටින මීමැස්සා සැබවින්ම සතුටින්ද? නැතිනම් ස්වභාවධර්මයේ අනට අකීකරු වී, නිදහසේ අභියෝගයන්ට මුහුණ දෙන මිනිසා ද?



