කාලගුණය

ප්‍රබල අකුණු ගැන ප්‍රදේශ කිහිපයකට අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු ගැන අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම මන්නාරම, මුලතිව්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා මෙම අවවාදාත්මක නිවේදනය බලපැවැත්වේ.

අදාළ ප්‍රදේශවල අද සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවට ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත.

අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button