කාලගුණය

කුඩා ගඟට ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48ක්

කුඩා ගඟට ගංවතුර අනතුරු ඇඟවීම තවත් පැය 48ක කාලයක් සඳහා දීර්ඝ කර තිබේ.

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියට අදාළව පසුගිය 20 වැනිදා පෙරවරු 9.30ට නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය මෙලෙස දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව, අදාළ ප්‍රදේශවල පවතින තත්ත්වය පිළිබඳව දැඩි අවධානයකින් කටයුතු කරන ලෙස එම ප්‍රදේශවල පදිංචි ජනතාවට දැනුම් දී තිබේ.

එමෙන්ම අදාළ ප්‍රදේශ හරහා වැටී ඇති මාර්ගවල, විශේෂයෙන් අතුරු මාර්ගවල ගමන් කරන රියදුරන්ට ද අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button