ව්‍යාපාරික

2026දී වාහන ආනයනයට වැය වන මුදල ගැන ඇස්තමේන්තුවක්

2026 වසර තුළ වාහන ආනයනය සඳහා වැය වන ඩොලර් ප්‍රමාණය පිළිබඳව මේ වනවිට නිශ්චිත පුරෝකථනයක් සිදු කර නොමැති බව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත්, මේ වසර තුළ වාහන ආනයනය සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක් පමණ වැය විය හැකි බව අනුමාන කළ හැකි බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

අද (28) ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේ පැවති 2026 වසරට අදාළ පළමු මුදල් ප්‍රතිපත්ති විවරණය පිළිබඳ මාධ්‍ය හමුවේදී, අද දෙරණ මාධ්‍ය ආයතනය කළ විමසීමකට පිළිතුරු දෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ,

“2026 වසරට වාහන ආනයනය සම්බන්ධයෙන් තවම ඇස්තමේන්තු කරීමට ඉතා ඉක්මන් බවයි. ගිය වසරේදී වාහන ආනයනයට ඩොලර් බිලියන 2ක් පමණ වැය වුණා. අවුරුදු පහකට පස්සේ එකවර ආනයනය ආරම්භ වීම නිසා ජූලි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් වගේ මාසවල විශාල ප්‍රමාණයක් වාහන ගෙනාවා.

නමුත් පසුව LC විවෘත කිරීමේ ප්‍රමාණය, වාහන ආනයනය සහ මිල ගණන් අඩු වුණා. ඒ අනුව ගිය වසරට වඩා මේ වසරේ ආනයනය සැලකිය යුතු ලෙස අඩු වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා.

උපරිම වශයෙන් මේ වසරේ වාහන ආනයනය ඩොලර් බිලියන 1.5ක් පමණ විය හැකි බවයි අපේ ඇස්තමේන්තුව. ඉතිහාසය බැලුවත් ඒ තරම් ප්‍රමාණයක් බොහෝ වසරවල දකින්න ලැබිලා නැහැ. ඒ තරම් ප්‍රමාණයක් ආනයනය වුණත්, එය අපට කළමනාකරණය කරගැනීමට හැකි වන අතර කිසිදු ගැටලුවක් ඇති නොවේ.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button