
ක්‍රීඩා
ශ්‍රී ලංකාව එක්දින ශ්‍රේණිගත කිරීම්වල එක් පියවරකින් පහළට
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් නිකුත් කළ නවතම එක්දින කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා කණ්ඩායම එක් ස්ථානයකින් පහළට බැස 6 වන ස්ථානයට පැමිණ තිබේ.
කොළඹදී ඊයේ (27) අවසන් වූ එංගලන්තය සමඟ පැවැති එක්දින තරගාවලිය 2–1 ලෙස පරාජයට පත්වීම හේතුවෙන්, මෙතෙක් 5 වන ස්ථානයේ සිටි ශ්‍රී ලංකා කණ්ඩායම 6 වන ස්ථානය දක්වා පහත වැටී ඇත.
මේ අතර එංගලන්ත කණ්ඩායම තවදුරටත් 8 වන ස්ථානයේ රැඳී සිටින අතර, ඔවුන්ට ඉදිරියෙන් 7 වන ස්ථානයේ ඇෆ්ගනිස්තානය පසුවීම විශේෂත්වයක් වේ.
ඊයේ ලැබූ එංගලන්තයේ මෙම තරගාවලි ජය, 2023 වසරෙන් පසු ඔවුන්ට තම රටින් පිටතදී ලැබූ පළමු එක්දින තරගාවලි ජය ලෙසද සටහන් වේ.
- නවතම ශ්‍රේණිගත කිරීම්වල ප්‍රථම ස්ථානය ඉන්දියාව සතු වන අතර, දෙවන ස්ථානය නවසීලන්තයටත්, තෙවන ස්ථානය ඔස්ට්‍රේලියාවටත් හිමිව ඇත. පාකිස්තාන කණ්ඩායම 4 වන ස්ථානයේ පසුවෙයි.



