
මි.මී. 75ක තද වැසි ගැන කාලගුණ අනතුරු ඇඟවීමක්
මි.මී. 75ක තද වැසි බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ප්‍රදේශවලට ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පැවති කැලඹිලි ස්වභාවය මේ වනවිට දිවයිනෙන් ඉවතට ගමන් කරමින් පවතින අතර, එහි බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකිය.
ඌව, නැගෙනහිර සහ උතුරුමැද පළාත්වල මෙන්ම මුලතිව් දිස්ත්‍රික්කයේද පස්වරු 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.
ගිඟුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින්, ඒවායෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.



