
ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් අඅනතුරු ඇඟවීම්
ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින ප්‍රදේශ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (14) පෙරවරු 10.00ට නිකුත් කළ එම නිවේදනය පස්වරු 11.30 දක්වා වලංගු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව උතුරු මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට මෙම අකුණු අවදානම බලපාන බව දැනුම් දී තිබේ.
මීට අමතරව අම්පාර, මඩකලපුව සහ මන්නාරම දිස්ත්‍රික්ක සඳහාද අකුණු අනතුරු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බව එම නිවේදනයේ සඳහන් වේ.
විශේෂයෙන් එම ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇතිවීමටද ඉඩ ඇති බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවිය යුතුය.
අකුණු සහ තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.



