
ක්රීඩා
ශ්රී ලංකා ඉන්දියා දෙවන ටෙස්ට් තරගය – කාසියේ වාසිය ඉන්දියාවට
ශ්රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දියානු කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර තිබේ.
ශ්රී ලංකා – ඉන්දියා දෙවන ටෙස්ට් තරගය
දෙවන හා අවසන් ටෙස්ට් තරගයේදී ශ්රී ලංකා කණ්ඩායම ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් තරග කරන අතර, ඉන්දියානු කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ශුබ්මන් ගිල් විසිනි.
දෙරට අතර පැවැති පළමු ටෙස්ට් තරගය ලකුණු 165කින් ජය ගැනීමට ඉන්දියානු කණ්ඩායම සමත්විය.
තරග දෙකකින් සමන්විත මෙම ටෙස්ට් තරගාවලිය 2025–2027 අයි.සී.සී. ලෝක ටෙස්ට් ශූරතාවලිය යටතේ පැවැත්වේ.



