අද විශේෂ

නන්දා මාලනී වෙනුවෙන් රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරයි

ප්‍රවීණ සංගීතවේදිනී විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය වෙනුවෙන් ප්‍රකාශයට පත් කර ඇති ජාතික ශෝක කාලය තුළ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය දැනුම් දී තිබේ.

ඒ අනුව අගෝස්තු 21, 22 සහ 23 යන දින තුන තුළ රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කර තැබීමට නියමිතය.

ස්වදේශ කටයුතු චක්‍රලේඛ අංක 04/2026 යටතේ අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ දිසාපතිවරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත මේ පිළිබඳව දැනුම් දී ඇත.

අගෝස්තු 21 වැනිදා නිකුත් කළ එම චක්‍රලේඛයට රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්. ආලෝක බණ්ඩාර මහතා අත්සන් කර තිබේ.

විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය සැලකිල්ලට ගනිමින් අගෝස්තු 21 සිට 23 දක්වා කාලය ජාතික ශෝක දින ලෙස රජය විසින් ඊයේ ප්‍රකාශයට පත් කර තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button