
අද විශේෂ
අද කඩුවෙල විශේෂ රථවාහන සැලැස්මක්
සිද්ධ රන්කඩු පත්තිනි දේවාලයේ දිය කැපීමේ වාර්ෂික මහා පෙරහැර හේතුවෙන් අද (16) කඩුවෙල ප්රදේශය ආශ්රිතව විශේෂ රථවාහන සැලැස්මක් ක්රියාත්මක කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ පෙරහැර අද උදෑසන 6.00 සිට දහවල් 2.00 දක්වා වීථි සංචාරය කිරීමට නියමිත බවයි.
දේවාලය අසලින් ආරම්භ වන පෙරහැර 143 අවිස්සාවේල්ල – කොළඹ බස් මාර්ගය ඔස්සේ කඩුවෙල රාජසිංහ පාලම හරහා බණ්ඩාරවත්ත සහ බියගම ප්රදේශය වෙත ගමන් කිරීමට නියමිතය. දිය කැපීමේ චාරිත්රය අවසන් කිරීමෙන් අනතුරුව පෙරහැර නැවත එම මාර්ගය ඔස්සේ කඩුවෙල හන්දිය හරහා දේවාලය වෙත පැමිණීමට නියමිතව ඇත.
ඒ අනුව පෙරහැර ගමන් කරන කාලය තුළ රථවාහන තදබදයක් ඇතිවිය හැකි බැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් සහ මහජනතාවගෙන් ඉල්ලා සිටී.



