කාලගුණය

වියළි කාලගුණ තත්ත්වය 68,041කට බලපෑම් කරයි

වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක පුද්ගලයින් 68,041 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රගීත් දනන්සූරිය මහතා සඳහන් කළේ, මඩකලපුව, අම්පාර, මොනරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරි වසම් 17ක ජනතාව මෙලෙස බලපෑමට ලක්ව ඇති බවය.

ඒ අනුව පවුල් 21,873කට අයත් පුද්ගලයින් 68,041 දෙනෙකු වියළි කාලගුණ තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ.

මේ අතර පානීය ජල ගැටලුවට මුහුණ දී සිටින පවුල් 3,495කට අයත් පුද්ගලයින් 12,291 දෙනෙකු සඳහා අවශ්‍ය ජලය ලබාදීමට මේ වනවිට පියවර ගෙන තිබේ.

පීඩාවට පත් ජනතාවට අවශ්‍ය සහන ලබාදීම සඳහා පළාත් පාලන ආයතන සමඟ සම්බන්ධීකරණයෙන් වැඩසටහන් ක්‍රියාත්මක කර ඇති බවද ප්‍රගීත් දනන්සූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button