
මුහුදු යාමෙන් වළකින ලෙස අනතුරු ඇඟවීමක්
තද සුළං සහ රළු මුහුදු තත්ත්වය හේතුවෙන් මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
ඒ අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 ඉක්මවා යා හැකි අතර, එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එබැවින් නැවත දැනුම්දෙන තුරු මෙම මුහුදු ප්‍රදේශවල මුහුදු යාමෙන් වළකින ලෙස ධීවර සහ නාවික ප්‍රජාවට උපදෙස් ලබා දී තිබේ.
මඩකලපුව, ත්‍රිකුණාමලය, කන්කසන්තුරය, මන්නාරම හරහා හලාවත දක්වා සහ ගාල්ල සිට මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශවලද සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩි විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එම මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නිරත ප්‍රජාව පවතින තත්ත්වය පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසද දැනුම් දී තිබේ.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි අතර, එම අවස්ථාවලදී මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු වීමේ හැකියාවක්ද පවතින බව සඳහන්ය.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරියේදී නිකුත් කරන නිවේදන පිළිබඳවද අවධානයෙන් පසුවන ලෙස ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.



