
ලොව විශාලතම ගෑස් නිධියේ ‘South Pars’ කොටසට ගුවන් ප්‍රහාරයක්
ලෝකයේ විශාලතම ස්වාභාවික ගෑස් නිධිය ලෙස සැලකෙන South Pars / North Dome Gas-Condensate field සංකීර්ණයේ ඉරානයට අයත් South Pars කලාපයට ගුවන් ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව වාර්තා වෙයි.
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට (IRGC) සම්බන්ධ ප්රවෘත්ති ඒජන්සියක් මෙම ප්‍රහාරය තහවුරු කර ඇති අතර, ප්‍රහාරයෙන් අනතුරුව එම ප්‍රදේශයේ ගිනිගැනීමක් සිදුව ඇති බව ද සඳහන් කරයි.
පර්සියානු බොක්කෙහි පිහිටා ඇති මෙම ගෑස් නිධිය ඉරානය සහ කටාර් අතර බෙදාගත් එකක් වන අතර, සමස්ත වශයෙන් වර්ග කිලෝමීටර් 9,700ක විශාල ප්‍රදේශයක් ආවරණය කරයි. එයින් වර්ග කිලෝමීටර් 3,700ක් ඉරානයට අයත් South Pars කලාපය වන අතර, ඉතිරි වර්ග කිලෝමීටර් 6,000ක ප්‍රදේශය කටාර් විසින් පාලනය කරයි.
මෙම ගෑස් නිධිය කටාර් ආර්ථිකයට විශාල වශයෙන් බලපාන අතර, එරට සමස්ත ආදායමෙන් සම්භාව්‍යව 80%ක් පමණ මෙයින් ලැබෙන බව සඳහන් වේ. 2026 වසර මුලදී පමණක් කටාර් විසින් දිනකට ඝන අඩි බිලියන 18.5ක පමණ ගෑස් නිෂ්පාදනය කර ඇති අතර, ඉරානය ද දෛනිකව ඝන අඩි බිලියන 2ක පමණ නිෂ්පාදනයක් සිදු කරයි.
බටහිර සම්බාධක සහ කළමනාකරණ ගැටලු හේතුවෙන් ඉරානයට තම උපරිම නිෂ්පාදන ධාරිතාවට ළඟා වීමට තවමත් අපහසු වී තිබේ. එම තත්ත්වය යටතේ, කටාර්ට ජාත්‍යන්තර වෙළඳපොළට වැඩි ගෑස් ප්‍රමාණයක් සැපයීමට අවස්ථාවක් ලැබී ඇති බවද විශ්ලේෂකයන් පෙන්වා දෙයි.



