
ට්‍රම්ප් කැනඩාවෙන් ආනයන භාණ්ඩවලට 50% තීරුබද්දක් පනවයි
ට්‍රම්ප් කැනඩාවට 50% තීරුබද්ද පැනවීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව කැනඩාවෙන් අමෙරිකාවට ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 50ක තීරුබද්දක් පැනවීමට සැලසුම් කර ඇති අතර, එය ඉදිරි දින 30 ඇතුළත ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන් වේ.
මෙම පියවර ගෙන ඇත්තේ අමෙරිකාවේ වෙළෙඳ ප්‍රතිපත්තිවලට පටහැනි ලෙස කැනඩාව කටයුතු කර ඇති බවට එල්ල වන චෝදනා පදනම් කරගෙන බව ද විදෙස් වාර්තාවල දැක්වේ.
විශේෂයෙන් අමෙරිකාවේ නිෂ්පාදිත මෝටර් රථ, කිරි නිෂ්පාදන සහ මධ්‍යසාර පාන සඳහා කැනඩාව බදු පැනවීමට ගත් තීරණයට ප්‍රතිචාරයක් ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.
නව තීරුබදු ක්‍රමය යටතේ කැනඩාවෙන් අමෙරිකාවට අපනයනය කරන පාරිභෝගික භාණ්ඩ ඇතුළු භාණ්ඩ රැසක් ආවරණය වන අතර, එමඟින් දෙරට අතර වෙළෙඳ සබඳතා කෙරෙහි සැලකිය යුතු බලපෑමක් එල්ල විය හැකි බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.



