
විදෙස්
රුසියානු An-26 හමුදා ගුවන් යානය කඩා වැටේ – 29 දෙනෙකු ජීවිතක්ෂයට
ක්රිමියානු අර්ධද්වීපය ඉහළ ප්‍රදේශයකදී Antonov An-26 වර්ගයේ රුසියානු හමුදා ගුවන් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 29 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
විදෙස් මාධ්‍ය අනුව, යානය තුළ ඇති වූ තාක්ෂණික දෝෂයක් මෙම අනතුරට ප්‍රධාන හේතුව ලෙස සැලකේ. මියගිය පිරිස අතර ගුවන් යානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් 6 දෙනෙකු ද ඇතුළත් වන බව සඳහන් වේ.
අනතුර ඊයේ (31) මොස්කව් වේලාවෙන් සවස 6ට ආසන්නයේ සිදුව ඇති අතර, මෙම සිද්ධිය Russian Ministry of Defence විසින් නිල වශයෙන් තහවුරු කර තිබේ.



