ව්‍යාපාරික

වාහන ගන්න ලීසිං ගන්න අයට මහ බැංකුවෙන් නව සීමා

ලියාපදිංචි නොකළ වාහන සහ මෙරට තුළ ප්‍රථම ලියාපදිංචියෙන් පසු වසරකට අඩු කාලයක් භාවිත කළ වාහන සඳහා ලබාදෙන ලීසිං පහසුකම් සම්බන්ධයෙන් නව සීමා හෙට (25) සිට ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

ඒ අනුව, උපරිම ණය හා වාහන වටිනාකම අතර අනුපාතය (LVT Ratio) සංශෝධනය කරමින් වාණිජ වාහන සඳහා ලබාදිය හැකි උපරිම ලීසිං මුදල වාහනයේ වටිනාකමෙන් 60% දක්වා සීමා කර ඇත.

මෝටර් රථ, SUV, වෑන්, ත්‍රිරෝද රථ සහ අනෙකුත් වාහන සඳහා මෙම අනුපාතය 40% දක්වා නියම කර ඇති අතර, එවැනි වාහනයක් මිලදී ගැනීමේදී අවම වශයෙන් වාහනයේ වටිනාකමෙන් 60%ක මුදලක් ගැනුම්කරු විසින්ම ගෙවිය යුතු වේ.

මූල්‍ය පද්ධතියේ ස්ථාවරභාවය ආරක්ෂා කිරීම සහ අවදානම් පාලනය කිරීමේ අරමුණින් මෙම නව සීමා පැනවූ බව මහ බැංකුව සඳහන් කරයි.

දැනට ක්‍රියාත්මක උපරිම ණය වටිනාකම් සීමා තවදුරටත් ඉහළ යාම පාලනය කිරීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වී ඇති බවද වාර්තා වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button