ව්‍යාපාරික

වාහන ආනයන බදු මත 50% අධිභාරය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කෙරේ

වාහන ආනයන බදු මත රජය විසින් පනවා ඇති 50%ක අධිභාරය දෙසැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කර තිබේ.

මෙතෙක් අදාළ අධිභාරය හෙට (15) දක්වා ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ අතර, නව නියමය අනුව හෙට සිට දෙසැම්බර් 31 දක්වා එය තවදුරටත් බලපැවැත්වෙනු ඇත.

1988 අංක 83 දරන පනතින් සංශෝධිත (235 වැනි අධිකාරය) රේගු ආඥා පනතේ 10 අ වගන්තිය යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව මෙම දීර්ඝ කිරීම සිදුකර ඇත.

කෙසේ වෙතත්, පසුගිය මැයි 15 වැනිදා හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර ඇති මෝටර් වාහන ආනයනය සඳහා මෙම නියමය අදාළ නොවන බව සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button