
කාලගුණය
දිස්ත්‍රික්ක 7කට අද සවසින් පසු වැසි
කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද කාලගුණ වාවාර්තාවට අනූව අද දිනයේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලට අයත් ප්‍රදේශවලත් නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි වාර කිහිපයක් පවතින බව පවසයි.
එසේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව සඳහන් වේ. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50ට අධික තද වැසිද ඇතිවිය හැක.
තවද සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල, මාතර හා බදුල්ල දිස්ත්‍රික්කවලත් අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව දැනුම් දෙයි.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.



