ව්‍යාපාරික

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ඩොලර් 100 සීමාව ඉක්මවයි

ලෝක වෙළෙඳපොළ තුළ බොරතෙල් මිල යළිත් ඉහළ යමින් අමෙරිකානු ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා අනුව බ්‍රෙන්ට් (Brent) වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 108.73 දක්වා ඉහළ ගොස් ඇත.

එමෙන්ම අමෙරිකානු WTI වර්ගයේ බොරතෙල් මිලද සම්මතයෙන් සමාන ලෙස ඉහළ ගොස් ඇති අතර එය සියයට 20කට ආසන්න ප්‍රමාණයකින් වැඩිවී බැරලයක් ඩොලර් 108ක් ලෙස සටහන් වී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නාවික ගමනාගමනයට එල්ල වී ඇති බාධා සහ බොරතෙල් සැපයුම සීමා වීම මෙම මිල ඉහළ යාමට ප්‍රධාන හේතුවක් බවය.

එම තත්ත්වය හේතුවෙන් ලෝක බලශක්ති වෙළෙඳපොළ තුළ අනාගත මිල ගණන් පිළිබඳවද අවධානය වැඩිවී ඇති බව විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button