ව්‍යාපාරික

ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල 5%කින් පහළට

බොරතෙල් මිල 5%කින් පහළට වැටී ඇති බව ජාත්‍යන්තර වෙළඳපොළ දත්ත පෙන්වා දෙයි.

ඒ අනුව අමෙරිකානු බොරතෙල් බැරලයක මිල සියයට 5කින් පහළ ගොස් ඩොලර් 80.79ක් ලෙස සටහන් වී ඇති අතර, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිලද සියයට 5කින් අඩුවී ඩොලර් 83.87ක් දක්වා පහළ බැස තිබේ.

සටන් අවසන් කිරීම සඳහා එකඟතාවකට පැමිණීමේ අපේක්ෂාව සහ ඉරානයට එරෙහි ප්‍රහාර තාවකාලිකව නතර කරන ලෙස නියෝග කරන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කිරීමෙන් පසු මෙම මිල පහළ යාම වාර්තා වී ඇත.

පසුගිය කාලයේ අමෙරිකාව සහ ඊශ්‍රායලය විසින් ඉරානයට එල්ල කළ ප්‍රහාර හේතුවෙන් බොරතෙල් මිල දැඩි ලෙස උච්චාවචනය වූ අතර, ඇතැම් අවස්ථාවල තෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාවද ඉක්මවා ගියේය.

එම ගැටුම් හේතුවෙන් ඉහළ ගිය බොරතෙල් මිල ගැසොලින්, ගුවන් යානා ඉන්ධන, ඩීසල් සහ ප්‍රවාහන වියදම් මත ද සැලකිය යුතු බලපෑමක් එල්ල කර තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button