
විදේශ සහනාධාර සම්බන්ධීකරණය සඳහා ජ්‍යෙෂ්ඨ කමිටුව රැස්වෙයි
ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් විදේශ ආපදා සහනාධාර සම්බන්ධීකරණය සඳහා වූ ජ්‍යෙෂ්ඨ කමිටුව රැස්වී තිබේ.
මෙම රැස්වීමේ අරමුණ වී ඇත්තේ විදේශ සහනාධාර සම්බන්ධීකරණය සමාලෝචනය කිරීම සහ දැනට ක්‍රියාත්මක ආපදා සහන වැඩසටහන්වල පූර්ණ විනිවිදභාවය හා මෙහෙයුම් කාර්යක්ෂමතාව සහතික කිරීම සඳහා අවශ්‍ය තීරණාත්මක පියවර ගැනීම බව සඳහන්ය.
මෙම රැස්වීමේදී වඩා ක්රමාණුකූල සහ විනිවිදභාවයකින් යුතු ක්‍රියාවලියක් තුළින් එම සහනාධාර අවශ්‍ය ජනතාව වෙත සාධාරණව බෙදාහැරීම පිළිබද කමිටු සාමාජිකයින් සාකච්ඡා කර තිබේ.
අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා එහිදී පෙන්වා දී ඇත්තේ විදේශ සහනාධාර භාවිතය ප්රශස්ත කිරීම සදහා අදාළ සියලුම ආයතන අතර මනා සහයෝගීතාවයකින් යුත් ක්‍රියාමාර්ග අවශ්‍ය බවය.
කමිටුවට උපදෙස් ලබා දෙමින් ඔහු තව දුරටත් පවසා ඇත්තේ අවශ්‍ය සියලු දත්ත වාර්තා සහ තොරතුරු ප්‍රමාදයකින් තොරව ජනාධිපති ලේකම් කාර්යාලය වෙත ඉදිරිපත් කරන ලෙසයි.



