
විදෙස්
ඊශ්‍රායලයේ ප්‍රහාර හමුවේ තවත් පලස්තීනුවන් 21ක් මරුට
ඊශ්‍රායලය විසින් එල්ල කළ නවතම ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ සිටි තවත් පලස්තීන ජාතිකයින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
එම ප්‍රහාර අතරතුර එක් සොල්දාදුවෙකු බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ගාසා නගරය සහ ඛාන් යුනිස් ප්‍රදේශවල සිදු වූ මෙම ප්‍රහාර වලින් මියගිය අය අතර ළමුන් හය දෙනෙකු ද ඇතුළත් බව සඳහන් වේ.
ප්‍රහාරයකට ලක් වූ පුද්ගලයින්ට සහාය ලබාදීමට ඉදිරියට ගිය වෛද්‍යවරයෙකු ද මියගිය පිරිස අතර සිටින බව වාර්තා වේ.
තවද, ගාසා තීරයේ නැගෙනහිර ප්‍රදේශවල පිහිටි සයිටවුන් සහ ටෆා අසල්වැසි ප්‍රදේශවල කූඩාරම් සහ නිවාස ඉලක්ක කරගෙන ඊශ්‍රායලය සිදු කළ පහරදීම් හේතුවෙන්, ළමුන් පස් දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 13 දෙනෙකුගේ මළ සිරුරු හමුවී ඇති බව ගාසා නගරයේ අල්-ෂිෆා රෝහල දැනුම් දී ඇත.



