
මැදපෙරදිග ගැටුම සමනයට කලාපීය බලවතුන් ඉස්ලාමාබාද්හි හදිසි සාකච්ඡා
දිනෙන් දින් උග්රවෙමින් පවතින ඉරානය හා අමෙරිකාව අතර උද්ගතව ඇති යුදමය ආතතිය සමනය කිරීමේ අරමුණින් කලාපීය බලවතුන් එක්ව පකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී ඉහළ මට්ටමේ සාකච්ඡාවක් ආරම්භ කර තිබේ.
ඒ අනුව, ඊජිප්තුව, තුර්කිය, සෞදි අරාබිය සහ පකිස්තානය නියෝජනය කරන විදේශ අමාත්‍යවරුන් අද (29) සහ හෙට (30) දිනයන්හි මෙම සාකච්ඡාවලට එක්වීමට නියමිතය.
අමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී වාතාවරණය අඩු කර ගැනීමත් සමඟම අනෙකුත් කලාපීය ගැටළු පිළිබඳව ද අවධානය යොමු කිරීමට මෙහිදී බලාපොරොත්තු වේ.
එමෙන්ම, දෙපාර්ශවයන් සමඟම සුහද සබඳතා පවත්වාගෙන යන රටක් ලෙස පකිස්තානය, මෙම රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලියේ ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කරයි.
මේ අතර, වොෂින්ටනය විසින් යෝජනා කරන ලද කරුණු 15කින් සමන්විත සාම සැලැස්මක් ටෙහෙරානය වෙත ඉදිරිපත් කිරීම සඳහා ද පකිස්තානය කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.



