
ADBයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක්
ADBයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක මූල්‍ය සහාය
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 200ක මූල්‍ය සහායක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව (ADB) අනුමැතිය ලබාදී තිබේ.
මෙම මූල්‍ය පහසුකම ශ්‍රී ලංකාවේ වෙළෙඳාම, ආයෝජන සහ කර්මාන්ත සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම අරමුණු කරගත් ප්‍රතිපත්තිමය ණය වැඩසටහනක් යටතේ ක්‍රියාත්මක කෙරෙන අතර, ඉන් අමෙරිකානු ඩොලර් මිලියන 100ක් මැදපෙරදිග ගැටුමෙන් රටට එල්ල වී ඇති ආර්ථික පීඩනය අවම කිරීම සඳහා අතිරේක මූල්‍ය සහායක් ලෙස වෙන් කර ඇත.
ADB සභාපති Masato Kanda සඳහන් කර ඇත්තේ, දුරස්ථ ගැටුම්වල ආර්ථික බලපෑම් හේතුවෙන් කිසිදු පවුලක් නැවත දරිද්‍රතාවයට ඇද වැටීමට ඉඩ නොතැබිය යුතු බවයි.
මෙම වැඩසටහන මඟින් ශ්‍රී ලංකාවේ රැකියා අවස්ථා පුළුල් කිරීම, නව ආයෝජන ආකර්ෂණය කර ගැනීම සහ වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීම ප්‍රධාන අරමුණු ලෙස හඳුනාගෙන තිබේ.
ඊට අමතරව වෙළෙඳ පද්ධති නවීකරණය කිරීම, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ගේ තරඟකාරීත්වය ඉහළ නැංවීම, ආර්ථික කලාප වෙත ආයෝජන ගෙන්වා ගැනීම සහ අපනයන වර්ධනය සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ රැසක් ද මෙම වැඩසටහන යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මෙම ප්‍රතිසංස්කරණ හරහා අනාගතයේ ඇතිවිය හැකි බාහිර ආර්ථික කම්පනවලට වඩාත් සාර්ථකව මුහුණ දීමේ හැකියාව ශ්‍රී ලංකාවට හිමිවන බව ADB පෙන්වා දෙයි.
මේ අතර, මැදපෙරදිග ගැටුමේ ආර්ථික බලපෑම්වලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව සහ කාම්බෝජය වෙනුවෙන් සමස්ත අමෙරිකානු ඩොලර් මිලියන 450ක මූල්‍ය සහායක් ලබාදීමටද ADB තීරණය කර ඇති අතර, ඒ අනුව කාම්බෝජයට අමෙරිකානු ඩොලර් මිලියන 250ක මූල්‍ය සහායක් හිමිවීමට නියමිතය.



