විදෙස්

කැලිෆෝනියාවේ Castle Peak හි හිම කුණාටුවක් – 10 දෙනෙකු අතුරුදන්,

California ප්‍රාන්තයේ Castle Peak ප්‍රදේශයේ සිදුවූ බිහිසුණු හිම අනතුරක් හේතුවෙන් හිමමත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරත වූ පුද්ගලයින් 10 දෙනෙකු අතුරුදන් වී තිබේ.

තවද, එම අනතුරට අදාළව තවත් පුද්ගලයින් 6 දෙනෙකු හිම අතර සිරවී සිටින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අතුරුදන්වූවන් සහ සිරවී සිටින පුද්ගලයින් සොයා ගෙන මුදා ගැනීම සඳහා ගලවා ගැනීමේ භටයින් 46 දෙනෙකු බලධාරීන් විසින් යොදවා ඇති අතර, පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙහෙයුම් කටයුතු දැඩි ලෙස අභියෝගාත්මක වී ඇත.

එමෙන්ම, ප්‍රදේශයේ කාලගුණ තත්ත්වය තවදුරටත් අයහපත් ලෙස පවතින අතර ඉදිරියටත් හිම කුණාටු ඇතිවීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බවද වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button