කාලගුණය

දිස්ත්‍රික්ක 4කට නායයෑම් රතු නිවේදන – ප්‍රදේශ රැසකට අනතුරු ඇඟවීම්

පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක හතරකට නායයෑම් රතු නිවේදන නිකුත් කර තිබේ. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, අද පස්වරු 8.30 සිට හෙට පස්වරු 8.30 දක්වා මෙම අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන බවයි.

රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ

මහනුවර දිස්ත්‍රික්කය – යටිනුවර, දොළුව, උඩුදුම්බර, ගඟ ඉහළ කොරළය

කෑගල්ල දිස්ත්‍රික්කය – යටියන්තොට, කෑගල්ල, දෙහිඕවිට, අරණායක, මාවනැල්ල

මාතලේ දිස්ත්‍රික්කය – රත්තොට, අඹගමුව කොරළය, ලග්ගල පල්ලේගම, විල්ගමුව, උකුවෙල

රත්නපුර දිස්ත්‍රික්කය – රත්නපුර

අදියර දෙක යටතේ අවවාදාත්මක නිවේදන

බදුල්ල දිස්ත්‍රික්කය – හම්දුම්මුල්ල

නුවරඑළිය දිස්ත්‍රික්කය – නිල්දණ්ඩහින්න, වලපනේ

රත්නපුර දිස්ත්‍රික්කය – අයගම, කිරිල්ල

අදියර එක යටතේ විමසිල්ලෙන් සිටීමට උපදෙස්

බදුල්ල දිස්ත්‍රික්කය – මීගහකිවුල, කන්ඳකැටිය, හපුතලේ, පස්සර

ගාල්ල දිස්ත්‍රික්කය – නියගම

හම්බන්තොට දිස්ත්‍රික්කය – වලස්මුල්ල

මහනුවර දිස්ත්‍රික්කය – උඩුදුම්බර, පහතදුම්බර, උඩපළාත, උඩුනුවර, පස්බාගේ කෝරළය, පහත හේවාහැට

කෑගල්ල දිස්ත්‍රික්කය – දැරණියගල

මොනරාගල දිස්ත්‍රික්කය – බඩල්කුඹුර

නුවරඑළිය දිස්ත්‍රික්කය – කොත්මලේ බටහිර, හඟුරන්කෙත, අඹගමුව, කොත්මලේ නැගෙනහිර, මතුරට

රත්නපුර දිස්ත්‍රික්කය – කුරුවිට, කලවාන, ඇහැළියගොඩ, කොලොන්න

අදාළ ප්‍රදේශවල ජනතාවට පස්සැසි, පස් පිපිරීම්, ගල් වැටීම් සහ නායයෑම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින ලෙසත්, අවශ්‍ය වන්නේ නම් ආරක්ෂිත ස්ථාන වෙත යාමට සූදානම් වන ලෙසත් උපදෙස් ලබාදී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button