යුද්ධ සහ ගැටුම්

ඉරානයෙන් දැඩි අනතුරු ඇඟවීමක් – ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණය කරනව

ඉරානයට ප්‍රහාර එල්ල කරන ඕනෑම රටක් ආක්‍රමණය කරනව යැයි ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) දැඩි තර්ජනයක් කර තිබේ. මෙම ප්‍රකාශයත් සමඟ මැදපෙරදිග කලාපයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ අවධානය තවදුරටත් ඉහළ ගොස් ඇත.

ඊශ්‍රායලය සිය හමුදා ශක්තිය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් ඉරානයේ බටහිර දේශසීමා ආසන්නයේ ප්‍රහාරක යානා අභ්‍යාස පවත්වා ඇති බවට වාර්තා පළවීමත් සමඟ මෙම තර්ජනය එල්ල වී තිබේ.

මේ අතර, ඉරාන පාලන තන්ත්‍රය පෙරළා දැමීමේ අරමුණින් කටයුතු කරන ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් මොසාඩ් ඔත්තු සේවයට, ඊශ්‍රායල ආරක්ෂක හමුදාවන්ට (IDF) සහ හමුදා බුද්ධි අංශයට නියෝග කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම වර්ධනයන් හමුවේ ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින ආතතිකාරී තත්ත්වය පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමුව තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button