
ව්යාපාරික
කොළඹ කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන වර්ධනයක් – සියලු කොටස් දර්ශකය ඒකක 421කින් ඉහළට
කොළඹ කොටස් වෙළෙඳපොළේ කැපීපෙනෙන වර්ධනයක් අද (04) දිනයේදී වාර්තා වී තිබේ.
දෛනික ගනුදෙනු අතරතුර සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඒකක 421.48කින් ඉහළ ගොස් ඇති අතර, එය ප්රතිශතයක් ලෙස 2.09%ක වර්ධනයකි. ඒ අනුව දිනය අවසානයේ එම දර්ශකය ඒකක 20,541.12ක් ලෙස සටහන් විය.
මේ අතර, ප්රධාන පෙළේ සමාගම් 20ක් නියෝජනය කරන S&P SL20 දර්ශකය ද ධනාත්මක වර්ධනයක් පෙන්නුම් කර තිබේ. එම දර්ශකය ඒකක 112.52කින් හෙවත් 1.97%කින් ඉහළ ගොස් දිනය අවසන් වන විට ඒකක 5,838.09ක් ලෙස වාර්තා විය.
අද දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 3.85ක් ලෙස සටහන් වී තිබේ.



