
කාලගුණය
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි
අදත් ප්‍රදේශ කිහිපයකට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (06) නිවේදනය කර තිබේ.
එම අනාවැකියට අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක වැසි ස්වල්පයක් අපේක්ෂා කෙරේ.
මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයෙන් තද සුළං හමා යා හැකි බවද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.



