කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි රහිත කාලගුණයක් – දකුණට පස්වරු ගිගුරුම් සහිත වැසි අවදානමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දිනයේ ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයට අනුව, දකුණු පළාතට අමතරව රත්නපුර සහ මොනරාගල දිස්ත්‍රික්කවල පස්වරු 2.00න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව පුරෝකථනය කර ඇත.

එසේම, අලුයම් කාලයේදී දිවයින පුරා තැනින් තැන මීදුම් සහිත තත්ත්වයක් ද පවතිනු ඇති බව වැඩිදුරටත් සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button