විදෙස්

හෝමූස් ආරක්ෂක මෙහෙයුමට දකුණු කොරියාවේ අවධානය

හෝමූස් සමුද්‍ර සන්ධිය ඔස්සේ ගමන් කරන වෙළෙඳ නෞකාවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අමෙරිකාව ආරම්භ කළ Project Freedom මෙහෙයුමට එක්වීම පිළිබඳව දකුණු කොරියාව අවධානය යොමු කර තිබේ.

දකුණු කොරියානු විදේශ අමාත්‍යාංශය සඳහන් කළේ, ජාත්‍යන්තර මුහුදු මාර්ගවල නිදහස් නාවික ගමනාගමනය සහ ආරක්ෂාව සියලු රටවල පොදු යහපතට අත්‍යවශ්‍ය බවය.

මෙම මෙහෙයුම යටතේ ප්‍රධාන මුහුදු මාර්ග ආරක්ෂාව සම්බන්ධයෙන් අමෙරිකාව සහ දකුණු කොරියාව අතර සාකච්ඡා සහ අදහස් හුවමාරු අඛණ්ඩව සිදුවෙමින් පවතින බවද වාර්තා වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button