ක්‍රීඩා

ඉමේෂා දුලානි වාර්තා කල විස්සයි20 ශතකය

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉමේෂා දුලානි අද (31) දඹුල්ලේ පැවති පාකිස්තානයට එරෙහි පළමු විස්සයි20 තරගයේදී වාර්තාගත ශතකයක් රැස් කළාය.

ඒ අනුව, චමරි අතපත්තුට පසු කාන්තා විස්සයි20 ජාත්‍යන්තර තරගයකදී ශතකයක් වාර්තා කළ දෙවැනි ශ්‍රී ලාංකික පිතිකාරිනිය ලෙස ඉමේෂා දුලානි ඉතිහාසයට එක්විය.

ලකුණු 177ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ 19වැනි පන්දුවාරයේදී ජය තහවුරු කරගත් අතර, එහි ප්‍රධාන ශක්තිය වූයේ ඉමේෂාගේ විශිෂ්ට ඉනිමයි.

ඇය පන්දු 64කදී නොදැවී ලකුණු 101ක් රැස් කළ අතර, එම ඉනිම හතරේ පහර 17ක් සහ එක් හයේ පහරකින් අලංකාර විය.

මේ අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් කාන්තා විස්සයි20 ජාත්‍යන්තර තරගවලදී ශතක තුනක් රැස් කර ඇති එකම ක්‍රීඩිකාව ලෙස චමරි අතපත්තුගේ වාර්තාව තවදුරටත් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button