විදෙස්

සම්බාධක ඉවත් කිරීමට සැරසෙයි – ලෝක බලශක්ති මිල පහත වැටේද?

අමෙරිකාව හා ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කර ඇති යුද තත්ත්වය හේතුවෙන් ලෝක බලශක්ති වෙළඳපොළට ඇතිවී තිබෙන බලපෑම සැලකිල්ලට ගනිමින්, ඉරාන තෙල් සඳහා පනවා ඇති සම්බාධක ඉවත් කිරීම පිළිබඳව අමෙරිකාව සලකා බලමින් සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම වාර්තා අනුව, මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ අමෙරිකානු භාණ්ඩාගාර ලේකම් ස්කොට් බෙසන්ට් විසිනි. ඔහු පෙන්වා දී ඇත්තේ, එවැනි තීරණයක් ගනු ලැබුවහොත් ගෝලීය වෙළඳපොළට වැඩි තෙල් සැපයුමක් ලැබෙන අතර, එය ගැනුම්කරුවන්ට වාසිදායක වන බවයි.

නැව් ගමනාගමනය හා නිෂ්පාදන ක්ෂේත්‍රයට බාධා ඇතිවීමත් සමඟ ලෝකය පුරා බලශක්ති මිල ගණන් ඉහළ යමින් පවතින අතර, එය පාලනය කිරීම සඳහා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

මෙම පියවර ක්‍රියාත්මක වුවහොත්, ඉරානයට එරෙහිව අමෙරිකාව දිගුකාලීනව අනුගමනය කළ ප්‍රතිපත්තියක සැලකිය යුතු වෙනසක් සිදු වන අතර, එමඟින් ඉරානයට ආර්ථික වශයෙන් වාසි රැසක් ලැබිය හැකි බවද විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

යුද්ධයට පෙර සිටම චීනය ඉරානයේ ප්‍රධාන තෙල් ගැනුම්කරුවා වූ අතර, සම්බාධක හේතුවෙන් විශාල වට්ටම් යටතේ ඉරාන තෙල් ලබාගත් බවද සඳහන් වේ.

තවද, ඉරාන තෙල් විකුණුම් සීමා ඉවත් කළහොත් දින 10ත් 14ත් අතර කාලයක් ඇතුළත ලෝක වෙළඳපොළේ තෙල් මිල පහත වැටෙනු ඇතැයි අමෙරිකානු භාණ්ඩාගාර ලේකම්වරයා ඇස්තමේන්තු කර තිබේ.

තෙල් සංචිත විශාල ප්‍රමාණයක් වෙළඳපොළට නිකුත් කිරීම සහ පසුගිය සතියේ රුසියානු තෙල් සම්බාධක කිහිපයක් අත්හිටුවීම වැනි පියවරයන් මගින් සැපයුම ඉහළ නැංවීමට අමෙරිකාව දරන උත්සාහයන් අතරතුර මෙම යෝජනාවද ඉදිරිපත් වී ඇති බව වාර්තා වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button