කාලගුණය

හවසට ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි – කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

අද (25) දින පස්වරු 2.00න් පසුව දකුණු පළාත සහ රත්නපුර, මොනරාගල දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එමෙන්ම දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතින බව ද සඳහන් වේ.

මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, අනුරාධපුර, ගාල්ල, මාතර, මොනරාගල, මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි බව ද වාර්තා වේ.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවට උපදෙස් ලබා දී ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button